Skip to content
V
අයිස් අලෙවි කළ ආධුනික කොස්තාපල් දැලේ
featured news - උණුසුම් පුවත්

අයිස් අලෙවි කළ ආධුනික කොස්තාපල් දැලේ

By News Room · 20 August 2024

විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.

නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

විදේශ රටක සිටින කාන්තාව විසින් මෙම කොස්තාපල්වරයාට මත්ද්‍රව්‍ය පැකට් ලබාදෙන අතර මත්ද්‍රව්‍ය පැකට් 10 ක් අලෙවි කිරීමේදී එම කොස්තාපල්වරයා එක් පැකට්ටුවක් හෝ පැකට්ටුවක් සදහා වැය වන වියදම ලබාදෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නුවරඑළිය පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී කාර්යාලය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026