Skip to content
V
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 4ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 4ක් ජීවිතක්ෂයට

By News Room · 27 November 2024

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය. 

මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා තිබේ. ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743කට බලපෑම් ඇතිවී ඇති බවත්, පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවත් උදය හේරත් මහතා පැවසීය.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 8ක් හා අර්ධ නිවාස හානි 620ක් ආපදා කලමනකරණ මධ්‍යස්ථානයට වාර්තා ඇත. ඒ හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයින් 15,586 දෙනෙකු සුරක්ෂිතව රැඳී සිටින බවද ඔහු පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026