Skip to content
V
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායයෑම් අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායයෑම් අනතුරු ඇඟවීම්

By News Room · 12 May 2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ, දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ‘අදියර දෙක’ යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මීට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට සහ අඹන්ගඟ කෝරළය, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බඩල්කුඹුර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙළ, රත්නපුර සහ කළවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අයහපත් කාලගුණයක් පවතින බැවින්, අදාළ අවදානම් කලාපවල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026