Skip to content
V
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
featured news - උණුසුම් පුවත්

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

By News Room · 25 February 2025

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙයි.  2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා ප.ව 6ට පැවැත්වීමට නියමිතය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026