Skip to content
V
අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි වෙයි
featured news - උණුසුම් පුවත්

අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි වෙයි

By News Room · 25 August 2024

වෙන්දේසියකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 7කට අලෙවි වී තිබෙනවා. කෝවිලක පැවති මංගල්‍යයකදී මෙම වෙන්දේසිය සිදුකළ බවයි වාර්තා වන්නේ. අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ප්‍රංශයේ සිට නිවාඩුවකට පැමිණ සිටි වඩමරච්චි ප්‍රදේශයේ පවුලක් විසින්.

යාපනය, වඩාමරච්චි නැගෙනහිර, නාගර්කෝවිල්, මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය වෙන්දේසී වී තිබෙනවා. උතුරේ හින්දු කෝවිල්වල මේ දිනවල පැවැත්වෙන මංගල්‍යයවලදී එක් දිනයක් අඹ දිනය ලෙස වෙන් කෙරෙනවා. එදිනට අඹ යොදාගෙන දෙවියන් වෙනුවෙන් කෙරෙන පූජාව වසන්ත මණ්ඩා පූජාව ලෙස හදුන්වනු ලබනවා.

බැතිමතුන් විසින් එම දිනයේදී දෙවියන් වෙනුවෙන් විශාල අඹ තොගයක් පූජා කරනු ලබන අතර එක් අඹ ගෙඩියක් පමණක් දේව රූපයේ ගැට ගසා ප්‍රධාන පූජාව පවත්වනවා. පූජාව අවසානයේදී එම අඹ ගෙඩිය වෙන්දේසියේ අලෙවි කරන අතර එය මිලට ගැනීමට බැතිමතුන් අතර පවතින්නේ විශාල තරගයක්. වෙන්දේසියෙන් ලබා ගන්නා අඹ ගෙඩිය පාරිභෝජනයට නොගන්නා අතර එය ඉතා සුරක්ෂිතව සුදු රෙදි කඩක ඔතා නිවසේ ඉහළ ස්ථානයක එල්ලා තබනවා. හින්දු බැතිමතුන් ඉන් අපේක්ෂා කරන්නේ නිවසට සෞභාගයය හා නිවසේ උදවියට නිදුක් නීරෝගී සුවයයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026