Skip to content
V
අමෙරිකාවේ සමස්ත තෙල් සංචිත 1984න් පසු දරුණු ලෙස පහත වැටේ
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ සමස්ත තෙල් සංචිත 1984න් පසු දරුණු ලෙස පහත වැටේ

By News Room · 30 June 2026

අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් තොග බැරල් මිලියන 5.5කින් පහත වැටී බැරල් මිලියන 325.7ක් දක්වා අඩු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමයි.

මෙලෙස තෙල් ලබා ගැනීම, ඉරාන යුද්ධයෙන් පසු ගෝලීය තෙල් සංචිතවල ඇති වූ හිඟය පියවීම සහ ඉන්ධන මිල පහත හෙලීමට සහාය වීම සඳහා මෙම සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමට අමෙරිකාව ඇති කරගත් එකඟතාවයක කොටසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පෙබරවාරි අග භාගයේදී යුද්ධය ආරම්භ වූ දා සිට, වාණිජ සහ උපායමාර්ගික සංචිත ඇතුළුව සමස්ත අමෙරිකානු තෙල් සංචිත ප්‍රමාණය, ජුනි 19 වැනිදා වන විට බැරල් මිලියන 111.4කින් පහත වැටී බැරල් මිලියන 743.3ක් දක්වා අඩු වී තිබෙනවා. මෙය 1984 න් පසු වාර්තා වූ අවම මට්ටමයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026