Skip to content
V
අමෙරිකාවේ ලැව්ගිනිවලින් 16ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ ලැව්ගිනිවලින් 16ක් ජීවිතක්ෂයට

By News Room · 12 January 2025

අමෙරිකාවේ සිදුවූ ලැව්ගිනි හේතුවෙන් මියගොස් ඇති පිරිස 16 දකවා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන් පස් දෙනෙකු ද අයත් වේ. එමෙන්ම තවත් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් ව ඇතැයිද සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කලාපය පුරා සුළං වර්ධනය වෙමින් පවතින අතර එය ඉදිරි දිනවලදීද වඩාත් ශක්තිමක් විය හැකි බවය.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ගිනි නිවන ප්‍රධානී ඇන්තනී මැරොන් පවසා ඇත්තේ එම සුළං එළැඹෙන බදාදා දින දක්වා පැවැතිය හැකි බැවින් තීරණාත්මක කාලගුණික තත්ත්වයක් ඇති කරනු ඇති බවය. ලොස් ඇන්ජලීස් හී බලධාරීන් මේ වන විට නගරය වඩා ඇති ප්‍රධාන ගිනිදැල් හතරක් කළමනාකරණය කරමින් සිටින අතර එහි විශාලතම ගින්න වනුයේ පැලිසේඩ්ස් ගින්නයි.

එය මේ වන විට නැගෙනහිර ප්‍රදේශය පුරා පැතිර යමින් පවතින බවද සඳහන් වේ. පැලිසේඩ්ස් ගින්නෙන් මේ වන විට 11%ක් පාලනය කර තිබේ. එමෙන්ම පැලිසේඩ්ස් ගින්න මැඩපැවැත්වීම සඳහා දැනටමත් 14,000ක් වන සිටින කාර්ය මණ්ඩලයට එක්වීමට මෙක්සිකෝවේ ගිනි නිවන භටයින් ද ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

දෙවන විශාලතම ගින්න බවට පත්ව ඇත්තේ පසඩෙනා අවට නගරයේ උතුරේ ඊටන් ගින්න වන අතර එයින් අක්කර 14,118ක් ආවරණය වන අතර එයින් මේ වන විට 15%ක් පාලනය කර ඇතැයිද සඳහන්. කෙනෙත් ගින්න අක්කර 1,052ක් වන අතර එය 90%න් පාලනය කර ඇති බවත් හර්ට්ස් ගින්න අක්කර 799ක් සහ 76%ක් පාලනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

හටගත් ළැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් සහ ගිනි නිවන රථ 1,600කට වැඩි ප්‍රමාණයක් ද යොදාගෙන ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026