Skip to content
V
අමෙරිකාවේ පාසල් සිසුවියක් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ පාසල් සිසුවියක් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

By News Room · 17 December 2024

අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ, එම පාසලේම 17 හැවිරිදි සිසුවියක් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ සිසුවෙක් මියගොස් ඇති අතර, වෙඩි තැබීම සිදුකළ සිසුවිය ද පසුව සියදිවි නසාගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. වෙඩි තැබීමෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා සඳහන් කරන්නේ.

එසේම වෙඩි තැබීමට හේතුව මෙතෙක් පොලිසිය විසින් සොයාගෙන නොමැති බවත්, සැකකරුගේ පවුලේ අය විමර්ශනයට සහයෝගය දක්වන බවත්, පොලිසිය සඳහන් කරනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026