Skip to content
V
අමෙරිකා ඊශ්‍රායල හා ඉරාන යුද්ධයේ නවතම තත්ත්වය
featured news - උණුසුම් පුවත්

අමෙරිකා ඊශ්‍රායල හා ඉරාන යුද්ධයේ නවතම තත්ත්වය

By News Room · 4 March 2026

ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තමන් විශ්වාස කළ නිසා, ඊට පෙර ඉරානයට ප්‍රහාර එල්ල කරන ලෙස ඇමෙරිකානු හමුදාවන්ට නියෝග කළ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය අඛණ්ඩව සිව්වන දිනයටත් ඊශ්‍රායලයට සහ මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සහ Fujairah නගරයේ වරායකට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති අතර, එහිදී මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති හා ඉරාන පාලන තන්ත්‍රයේ අතිරේක යටිතල පහසුකම් මධ්‍යස්ථාන එම ප්‍රහාරවල ඉලක්ක වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 787 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ Beirut සහ Sidon යන නගරවලට ද බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, එරට දකුණු ප්‍රදේශයේ අතිරේක ස්ථාන අත්පත් කර ගැනීමට හමුදාවන්ට අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට පියවර ගැනීමත් සමඟ, තෙල් ප්‍රවාහන නෞකාවල ආරක්ෂාව සඳහා නාවික හමුදාව යෙදවීමට සූදානම් බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, මේ හේතුවෙන් කලාපීය බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද සඳහන්.

කටාර් බලධාරීන් විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) වෙනුවෙන් රහසිගතව ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් වටලා ඇති අතර, එහිදී සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026