Skip to content
V
අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියයයි
featured news - උණුසුම් පුවත්

අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියයයි

By News Room · 10 November 2024

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි  අඹුසැමි යුවළකි.

මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය. මෙම වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනය අනුව පොලීසිය සැකකරනු ලබයි.සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026