Skip to content
V
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ වෙඩි තැබීමක්

By News Room · 4 November 2025

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.

අදාළ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ ඥාතියෙකු බවට ද අනාවරණය වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 04 ක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026