Skip to content
V
අම්බලන්ගොඩ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවනේගේ යතුරු පැදිය සොයාගැනේ
featured news - උණුසුම් පුවත්

අම්බලන්ගොඩ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවනේගේ යතුරු පැදිය සොයාගැනේ

By News Room · 11 November 2024

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් ඊයේ (10) දහවල් ඌරාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ අසල්වැසියන්ට එරෙහිව ඔවුන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත් කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදීයි.

ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්. මියගිය අඹු සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.එමෙන්ම අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026