Skip to content
V
අමාත්‍ය විජිත හේරත් ජර්මනියේ සංචාරයකට පිටත් වෙයි
featured news - උණුසුම් පුවත්

අමාත්‍ය විජිත හේරත් ජර්මනියේ සංචාරයකට පිටත් වෙයි

By News Room · 26 February 2026

අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, එම උත්සවය ඇමතීමට ද නියමිත බවයි දැක්වෙන්නේ. වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. මෙම සංචාරයේදී අමාත්‍යවරයා, ජර්මනියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026