Skip to content
V
අමරපුර උත්තරීතර මහ නා හිමි අක්තපත්‍රය ජනපති අතින් පිරිනැමේ
featured news - උණුසුම් පුවත්

අමරපුර උත්තරීතර මහ නා හිමි අක්තපත්‍රය ජනපති අතින් පිරිනැමේ

By News Room · 10 March 2025

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබීය.

මහා නාහිමි චරිතාපදානය ඇතුළු සමරු ග්‍රන්ථ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ මැතිඇමතිවරුද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, විහාරස්ථ දායක සභා සාමාජිකයෝ සහ සැදැහැවත්හු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026