Skip to content
V
අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ සැකකරුවන් 12කට මරණ දඬුවම
featured news - උණුසුම් පුවත්

අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ සැකකරුවන් 12කට මරණ දඬුවම

By News Room · 11 February 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකුට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බෙදුනු තීන්දුවක් ලෙස මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම තවත් සැකකරුවන් සිව් දෙනෙක්ට නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීමේ චෝදනාව යටතේ මාස 06 ක සිර දඬුවමක් නියම කරමින් එය වසර 05 කට අත්හිටුවීමට ද නියෝග කර තිබෙනවා.

ඊට අමතරව, සැකකරුවන් 23 දෙනෙක් සියලු චෝදනාවලින් ‍නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පසුගිය අරගලය සමයේ, 2022 මැයි මස 09 වැනි දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අයට පහර දී ඝාතනය කළ බවට චෝදනා කරමින් 42 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026