Skip to content
V
අප්‍රේල් 16 වනදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අරඹයි
featured news - උණුසුම් පුවත්

අප්‍රේල් 16 වනදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අරඹයි

By News Room · 30 March 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අප්‍රේල් 20 සහ 27 යන ඉරිදා දිනයන් දෙක ද වි‍ශේෂ දිනයන් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන අතර එම කටයුතු අප්‍රේල් මස 29 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

ඒ අනුව බෙදාහැරීම් කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් මස 16 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අප්‍රේල් මස 07 වනදා සිදුකෙරෙන බව ද මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය. විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026