Skip to content
V
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම අක්‍රීයයි
featured news - උණුසුම් පුවත්

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම අක්‍රීයයි

By News Room · 13 March 2025

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීයවී තිබෙනවා. අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 5 ක් පවතින බවත් ඉන් 3 ක් මෙලෙස අක්‍රීයවී ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්වයට පත්කළ යුතු බවට, කොන්දේසියක් පනවන අතර එලෙස සිදුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම් ගත මුදලින් දිනකට 1% කට අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතු බවයි සඳහන් වෙන්නේ. පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවයි චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026