Skip to content
V
අනුරාධපුර සිද්ධියට සම්බන්ධ සැකකරුගෙන් කරුණු රැසක් එලියට
featured news - උණුසුම් පුවත්

අනුරාධපුර සිද්ධියට සම්බන්ධ සැකකරුගෙන් කරුණු රැසක් එලියට

By News Room · 13 March 2025

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබෙනවා. සැකකරු ඊයේ පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදීයි.

ගල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙත ගිය බවයි. එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

එමෙන්ම, සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. එමෙන්ම, සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ නියෝග කළා.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ උදෑසන 08ට ආරම්භ කෙරුණු සංකේත වර්ජනය අද උදෑසන 08ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ. මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අපහසුතාවකට පත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026