Skip to content
V
'අනුර ජනපති වෙනවට රනිල් කැමතියි' : මරික්කාර් කියයි
featured news - උණුසුම් පුවත්

'අනුර ජනපති වෙනවට රනිල් කැමතියි' : මරික්කාර් කියයි

By News Room · 30 August 2024

සජිත් ප්‍රේමදාස ගේ ජනාධිපතිවරණ ජය ස්ථිර බවත්, කෙසේ හෝ එය වැළකී අනුර ජනපති වුව ද සතුටු වන මට්ටමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ පසුගියදා (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

එහිදී මරික්කාර් මන්ත්‍රිවරයා මෙසේද පැවසිය.

අනුර දිනුවොත් රට අරාජික වෙනවා

‘‘සමගි ජන බලවේගයේ විජයග්‍රහණය වළකන, ඡන්ද කඩන යන්ත්‍රය බවට මෙවර පත්ව සිටින්නේ වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය ස්ථිර යි. කෙසේ හෝ එය වැළකී අනුර ජනපති වුණත් සතුටු වන මට්ටමට ජනාධිපතිවරයා පත්වී සිටිනවා. එතුමා පරදින බව, එතුමා නොදැන ඉන්නවා කියල හිතනවා නම් ඒක වැරැදියි.සජිත් ජයග්‍රහණය කරායට පස්සෙ මෙරට සාමාන්‍ය ජනතාව වෙත සහන ලබා දීලා, අපනයන ආදායම ඉහළ නංවලා, ආර්ථික වර්ධන වේගය වර්ධනය කරලා, සොරා කෑ දේපළ පවරා ගැනීමේ පනත ක්‍රියාත්මක කරලා, කාර්‍යක්ෂම පාලනයක් බිහි කරන බව ජනාධිපතිතුමා හොඳට ම දන්නවා.ඒ වගේ ම එතුමා අවබෝධ කරගෙන තියෙන අනෙක් ඇත්ත තමයි, අනුර ජයග්‍රහණය කරොත් වසරකින් මේ රට නැවත අරාජික වෙලා, ආර්ථික කඩා වැටීම නියත බව. සජිත් ජය ගත හොත් එක දිගට වසර දහයක් රට පාලනය කරනවා. අනුරගේ පාලනය උපරිම වසරක් වන නිසා නැවතත් තමාට වසර හතරක කොටයක් ඇදගැනීමට තියෙන අවස්ථාව උදාකර ගැනීමට එතුමා උත්සහ කරනවා. නමුත් මම ප්‍රමුඛ සමගි ජන බලවේගය නැවත් මේ රට අරාජික වීමට කිසිසේත් ඉඩ තබන්නේ නෑ.’’

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026