Skip to content
V
අනුරපුර ප්‍රධාන ජලාශ 9ක වාන් දොරටු ඇරේ
featured news - උණුසුම් පුවත්

අනුරපුර ප්‍රධාන ජලාශ 9ක වාන් දොරටු ඇරේ

By News Room · 12 January 2025

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් කිරිමේ අරමුණින් වාන් දොරටු විවෘත කොට ඇති බවත් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසිය.

ඒ අනුව නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, දොරටු දෙකක් අඩි දෙක බැගින් ද, දොරටු තුනක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ. මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින් විවෘත කර ඇත. මහවලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා අඩි දෙක බැගින් විවෘත කෙරිණි. අභය වැව, තුරුවිල ජලාශය හා තිසා වැව ද අඟල් දෙක බැගින් වාන් දමයි. නුවර වැව අඩි එකකින් වාන් දමමින් පවතී. කලා වැවේ ද අඩි එක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කොට තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026