Skip to content
V
අනියම් පෙමින් දැවුනු සිවුදරු මවක්
featured news - උණුසුම් පුවත්

අනියම් පෙමින් දැවුනු සිවුදරු මවක්

By News Room · 18 August 2024

වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙසේ  මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි.

මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත. අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත. පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ යන බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තම ස්වාමියා  නැවත නිවසට එන ලෙසට ඉල්ලා සිටියත් බිරිඳ විසින් නැවත මෙම නිවසට එන්නේ නැති බව පවසා ඇත.

එදින 14දා රාත්‍රී අඹුසැමි යුවළ අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව ස්වාමියා   පෙට්‍රල් කෑන් එක ශරීරයට වක්කර ගිනි තබා ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය පවසයි. සැකකාර සැමියා  අත්අඩංගුවට ගත් බව  වෙන්නප්පුව පොලීසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026