Skip to content
V
අනතුරක් නිසා රත් වූ ජා-ඇල
featured news - උණුසුම් පුවත්

අනතුරක් නිසා රත් වූ ජා-ඇල

By News Room · 19 August 2024

ජාඇල, වැලිගම්පිටිය මංසන්ධියේදී අද (19) දහවල් සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සමඟ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මියගිය තරුණයා තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ යතුරු පැදියකින් හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන්ගත් යතුරු පැදියෙහි පිටුපස අංක තහඩුව නොතීබීම හේතුවෙන් එය නතර කිරීමට අණ කළ බවයි.

එහෙත් තරුණයින් එම අණ නොතකා ගමන් කළ අවස්ථාවේ යතුරු පැදිය ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමට උත්සහ කළ අවස්ථාවේදී ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේවෙතත් මියගිය තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් චෝදනා කළේ යතුරු පැදිය පිටුපස පැමිණි පොලිස් නිළධාරීන් එයට පාදයකින් පහරදීම නිසා මෙම අනතුර සිදුවූ බවටයි.

එහිදී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇති වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026