Skip to content
V
අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

By News Room · 3 September 2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙනි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වැනි කිලෝමීටර් කණුවේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 11ට පමණ බව පොලීසිය පැවසීය.

අනතුරින් ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. අප වාර්තාකරු පැවසුවේ, බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී අති අතර, පසුව බවුසරයද ලොරිය මතට පෙරළී තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026