Skip to content
V
අධිවේගී මාර්ගයේ සිදු වූ අවභාවිතාවට තිත
featured news - උණුසුම් පුවත්

අධිවේගී මාර්ගයේ සිදු වූ අවභාවිතාවට තිත

By News Room · 7 October 2024

"එස් පාස් " විශේෂ අවසර පත්‍රය  සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා කිය.

අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා ගෙන් අප කළ විමසීමකදී පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026