Skip to content
V
අධිවේගයේ සිදුවු මාරක අනතුරකින් 10 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

අධිවේගයේ සිදුවු මාරක අනතුරකින් 10 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

By News Room · 12 December 2024

දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී සිදුවු මාරක අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් තුවාල ලබා පුංචි දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබූ බවය.‍ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 එල් හා 100.1 එල් ස්ථාන අතරදී කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දැරියක් මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇති දරුවා අවුරුදු 10ක් වූ නූපේ, මාතර ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,  අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මඟින් සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026