Skip to content
V
අධිවේගයේ වාහනවල පසුපස ආසනවල පුද්ගලයින් ආසනපටි පැළඳීම අද සිට අනිවාර්ය වේ
featured news - උණුසුම් පුවත්

අධිවේගයේ වාහනවල පසුපස ආසනවල පුද්ගලයින් ආසනපටි පැළඳීම අද සිට අනිවාර්ය වේ

By News Room · 1 August 2025

අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වේ. අද සිට ඒ පිළිබද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර එළැඹෙන සැප්තැම්බර් මස 1 වනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ පිළිබද පැහැදිලි කළ ජාතික ගමනානමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා,

"සැප්තැම්බර් මස 1 වනදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් රැගෙන යන බස් රථවල රියදුරා ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා" යැයි පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026