featured news - උණුසුම් පුවත්
අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
- 2025 වන විට රජය 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි.
- ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.
- සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇත.
- ආර්ථික අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොමැත.ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.
- ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි.ආර්ථිකයට පුරවැසියන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීමෙන් ඔවුන් නඟා සිටුවීමට අවස්ථා නිර්මාණය කළ යුතුය.
- ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍යයි.
- මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්වයි.
- එහි අරමුණු ළඟා කරගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට අප සූදානම්.
- සීමිත බදු මුදල් ප්‍රවේශම් සහගත ලෙස ප්‍රමුඛතා අනුව කළමනාකරණය කර තිබෙනවා.
- මෙවර ප්‍රාග්ධන වියදම් සඳහා 4% ක් වෙන් කර තිබෙනවා.
- මහජන මුදල් වියදම් කරන්නේ ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ වැඩිවේ යැයි අපේක්ෂාවෙන්.
- රටක් ලෙස අප ඉවසිලිවන්තව හා සාමූහිකව කටයුතු කිරීම මඟින් එහි ප්‍රතිලාභ ළඟා කර ගැනීමට හැකි වේවි.
- ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීම් අවශ්‍යයි.
- කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල නිෂ්පාදනවල වර්ධනයක්, ජනතාවගේ සහභාගීත්වය වර්ධනය කරගැනීම හා සාධාරණ ලෙස සියලුදෙනා අතර බෙදීයාම රජයේ මූලික අරමුණයි.
- භාණ්ඩ හා සේවා අඛණ්ඩව ගුණාත්මකව හා සාධාරණව ලබාදීම රජයේ වගකීමක්.
- සියලු පුරවැසියන් ක්‍රියාකාරීව සහභාගී වන ආර්ථිකයක් සකස් කිරීමට අපි අදහස් කරනවා.
- මෙය එක් රැයකින් විසඳිය හැකි ක්‍රියාවලියක් නොවන අතර මේ සඳහා අධ්‍යාපනය හා පුහුණුවට වැඩි ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍යයි.
- අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.
- 2025 අපනයන ආදායම ඩොලර් බිලියන 19 ක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
- ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් තබා ගැනීමට අපි කටයුතු කරනවා.
- 2028 ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරනවා.
- දිළිඳු භාවයට තිත තබා අවසන් කිරීමේ කටයුතු මෙවර අයවැයෙන් ආරම්භ කරනවා.
- විනිමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා.
- උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල, විනිවිද හා පුරෝකථනය කළ හැකි තීරු බදු රාමුවක් සැකසීම සඳහා නව තීරු බදු සකස් කරනවා.
- නව රේගු පනතක් සකස් කිරීමට කටයුතු කරනවා. දැනටමත් එහි කටයුතු ආරම්භ කරලා තියෙනවා.
- අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීය කරනවා
- ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරනවා.
- රජය භාවිතයට ගත් නොගත් ඉඩම් වඩාත් ඵලදායී ආයෝජන සඳහා ලබාදීමට කටයුතු කරනවා.
- එක් ස්ථානයකින් සියලු සේවා ලබාගැනීමට නීති සම්පාදනය කිරිමට කටයුතු කරනවා.
- ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.
- රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන අතර රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා.
- රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි. එහි ප්‍රතිඵල ලබාගැනීම සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර සඳහා වෙන් කරනවා.
- බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා.
- රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.
- වරාය තදබදය අවම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
- වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් මධ්‍යස්ථානයක් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
- ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.
- සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරනවා.
- ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවනවා.
- ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට කටයුතු කරන අතර මුදල් නෝට්ටු භාවිතා කිරීම ක්‍රමයෙන් ඉවත් කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කරනවා.
- ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 3000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
- සංචාරකයින් සඳහා නව ගමනාන්ත ලෙස Brand City ඇතිකරනවා.
- සංචාරක ක්ෂේත්‍රයේ සන්නිවේදන හා අනෙකුත් කුසලතා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට පහසුකම් රජය සලසනවා.
- සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කරනවා.
- සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
- බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ වැඩකටයුතු ජපන් ආධාර මත ආරම්භ කරනවා.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩ නැගීම මූලික අරමුණක්.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා.
- සංවර්ධන බැංකුවක ක්‍රියාකාරීත්වය නව පරිපාලන ව්‍යුහයක් හරහා දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා. සංවර්ධන ණය යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු එකඟතාව පළ කර තිබෙනවා.
- තෝරාගත් පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා අරමුදල් සැපයීමට කටයුතු කරනවා.
- වාණිජකරණයේ විභවයන් සහිත පර්යේෂණ ප්‍රධාන ධාරාවට ගෙනඒමට ශක්තිමත් ප්රමුඛ මධ්‍යගත ආයතනයක් අවශ්‍යයි.
- නව උත්පාදන අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
- මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 10 ක රක්ෂණය ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කිරීමට කටයුතු කරනවා.
- අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා.
- තෝරාගත් රාජ්‍ය නිලධාරීන්ට වාහන නඩත්තුවට යන අධික වියදම අවම කිරීම සඳහා වාහන සඳහා මුදලක් පමණක් ලබාදීමට කටයුතු කරනවා.
- ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.
- මන්ත්‍රීවරුන්ට Permit නෑ. වාහන ලබාදෙන්නේත් නැහැ.
- මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000 ක් වෙන් කරනවා
- කාන්තාවන් සවිවල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120 ක් වෙන් කරනවා.
- සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නවා.
- සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කරනවා.
- ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරනවා
- ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන හත්දාහක්
- නැවත ඖෂධ හිඟයක් ඇතිවේවි යැයි අප බලාපොරොත්තු වන්නේ නැහැ.




