Skip to content
V
අධික රුධිර පීඩනයට රාගම වෛද්‍ය පීඨයෙන් ඖෂධයක්
featured news - උණුසුම් පුවත්

අධික රුධිර පීඩනයට රාගම වෛද්‍ය පීඨයෙන් ඖෂධයක්

By News Room · 4 November 2025

අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක්පෙත්තක් මෙලෙස නිපදවා ඇති බව සඳහන්ය.

අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාගී රෝගී තත්ත්වය සියයට 60කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බව ද සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය බිම්සර සේනානායක මහතා,

"අංශභාගය කියලා සාමන්‍යයෙන් අපි ව්‍යවහාරයේ භාවිතා කරන ඒ රෝගය ගොඩක් බහුල රෝගයක්. ඉතින් මේක සාමන්‍යයෙන් 80%ක් වගේ අයට හැදෙන්නේ රුධිරවාහිනියක් අවහිරවීම නිසා ලේ කැටියකින් සහ රුධිර වාහිනියක් පිපීරියෑමෙන් ලේ ගැල්මක් ඇතිවෙන්න පුළුවන්. දැන් මෙතනදී අපි සමීක්ෂණයට භාවිතාකරන ලද්දේ ඒ වගේ රෝගීන්ට ඇතිවන තත්ත්වයෙන්. පස්සේ මේ අලුත් ඖෂධයෙන් අපිට පුළුවන්වෙයිද අධික රුධිර පීඩනය පාලනය කරලා එමගින් නැවත මේ තත්ත්වය ඇතිවීම පුළුවන් දුරට අඩුකරගන්න කියලා.  ඒක මේ පරීක්ෂණය කරාම අපිට දැන්පෙනී යනවා. අපි හිතුවෙත් නැතිතරම් විශාල සාර්ථකත්වයට යන බව ඒ කියන්නේ අංශභාගය නැවත ඇතිවීම 60%කින් මේ ඖෂධය ගැනීමෙන් වළක්වාගත හැකි බව දැන්පෙනීයනවා."     

එහිදී අදහස් දැක්වු හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා,

"ලංකාවේ අවුරුදු 30යි 80යි අතර අය 35%කට අධික රුධිර පීඩනය තියෙනවා. ඒ අයගේ පාලනයක් නැහැ. සමහර අය දන්නෙත් නැහැ. මේ අලුත් ඖෂධයෙන් වෙන්නේ ඉතාම ඉක්මනින් රුධිර පීඩනය පාලනය වෙනවා. මෙහිදී රුධිර පීඩනය පාලනය වෙනවා විතරක් නෙමෙයි. ඒක දිගටම ඒ විදිහටම තියෙනවා. පරික්ෂණවලින් හෙළිවෙලා තියෙනවා මේ ඖෂධය ගන්නකොට දිගටම දවසපුරාම තියෙනවා. හරිම වැදගත් අධික රුධිර පීඩන වළක්වා ගන්න." 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026