Skip to content
V
අධිකරණ නියෝගයකින් අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති නිධානයක් සොයා කැණීම් අරඹයි
featured news - උණුසුම් පුවත්

අධිකරණ නියෝගයකින් අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති නිධානයක් සොයා කැණීම් අරඹයි

By News Room · 22 November 2024

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21) කැණීම් කටයුතු ආරම්භ කළේය.

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුතු සිදු වේ.

මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා තිබේ.

එමෙන්ම ආරක්ෂක අංශය ද අවස්ථා කිහිපයකදී නිධන් හැරීම සඳහා භාවිතකළ උපකරණ සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර හිමිනමක් ද සිටින බව වේයන්ගොඩ පොලීසිය පවසයි. වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළි වී ඇත. නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.

ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූ විද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙහි කැණීම් කටයුතු සිදුවේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026