Skip to content
V
අද සිට හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම්
featured news - උණුසුම් පුවත්

අද සිට හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම්

By News Room · 1 September 2024

සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන වෙන්කර දීම තහනම් කිරීමට යුද හමුදා මූලස්ථානය පියවර ගෙන ඇත.

සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හෝ දැනුවත් කිරීමකින් තොරව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය අගෝස්තු 26 වැනිදා මෙම නියෝගය කඳවුරු වෙත දැනුම් දී ඇත.සැප්තැම්බර් 01 දා සිට සැප්තැම්බර් 25 දක්වා විශ්‍රාමික නිලධාරින්ට හා සෙසු නිලයන්ට මෙම නියෝගය පනවා ඇත. මේ අනුව කලින් නිවාඩු නිකේතන වෙන් කරන ලද ඒවායේ වගකීම රෙජිමේන්තු සේනා විධායකවරුන් විසින් භාරගත යුතු බවද දන්වා තිබේ.මෙම නියෝගයත් සමග ආබාධිත රණවිරුවන්ට තම උපන්දිනය වෙනුවෙන් කෑම බීම දීමට මෙම සතියේ අභිමංසල වෙත පැමිණි ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යැවීමට පියවර ගෙන ඇත. මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝග නිකුත් කර ඇත.මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇත. ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර තිබේ.තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05 වැනිදා) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026