Skip to content
V
අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්
featured news - උණුසුම් පුවත්

අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

By News Room · 23 December 2024

එළඹෙන උත්සව සමයට සමගාමීව මගී බස්රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමිනුයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂා කිරීමක් සිදුකෙරන අතර රියැදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේද යන්න එහිදී සොයා බැලෙනවා.

එමෙන්ම, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් ද පරීක්ෂා කිරීම සිදු කිරිමට නියමිතයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකියි.

එමෙන්ම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වස්ඇප් මගින් එවීමේ හැකියාව පවතිනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026