Skip to content
V
අද සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොලට
featured news - උණුසුම් පුවත්

අද සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොලට

By News Room · 23 February 2026

ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය. 

මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත. පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙ‍ෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ලවිය.

කෙසේ වෙතත් අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ක්‍රමානුකූලව පහව යනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සදහන් කළේය. එමෙන්ම අවශ්‍ය පරිදි තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම ගෑස් නෞකා මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම පවසයි.

මේ අතර මාර්තු 12 වැනිදා සිට ලිට්රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026