Skip to content
V
අද සිට ඇරඹෙන ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය
featured news - උණුසුම් පුවත්

අද සිට ඇරඹෙන ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය

By News Room · 11 December 2024

ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය අද (11) ආරම්භ වනවා. ලබන 19වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ගාල්ල, හම්බන්තොට, යාපනය, නුවර සහ නුවරඑළිය යන කණ්ඩායම් 06ක් තරග වැදීමට නියමිතයි. මෙහි සියලු තරග මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහිදී එක් ඉනිමක් පන්දුවාර 10කට සීමාවන අතර තරගාවලිය තරග 25 කින් සමන්විතයි. ශකීබ් අල් හසන්, ඇලෙක්ස් හල්ස්, ඇන්ඩේ ෆෙලේචර්, ඉල්තිකාර් අහමඩ්, කරීම් ජැනට්, සෞම්‍ය සර්කාර්, ඉමාඩ් වෂීම්, මොහොමඩ් හමීර්, කයිල් මෙයියස් වැනි විදෙස් ක්‍රීඩකයින් රැසක් ද මෙම තරගාවලියට එක් වනවා.

ලංකා T - 10 සුපර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගී වන අතර, එක් කාණ්ඩයකට කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ 02ක් යටතේ මූලික වටයේ තරග 21ක් පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය දෙසැම්බර් 19වනදා පස්වරු 05.30ට පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා 'A' කාණ්ඩය යටතේ JAFFNA TITANS, HAMBANTOTA BANGLA TIGERS සහ NUWARA ELIYA KINGS යන කණ්ඩායම් ත්‍රිත්ත්වයත්, 'B' කාණ්ඩය යටතේ COLOMBO JAGUARS, KANDY BOLTS සහ GALLE MARVELS යන කණ්ඩායම්ද තරග වදිනු ඇති.

තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ශකීබ් අල් හසන්, ඇලෙක්ස් හල්ස්, ඇන්ඩේ ෆෙලේචර්, ඉෆ්තාකාර් අහමඩ්, කරීම් ජැනට්, සෞම්‍ය සර්කාර්, ඉමාඩ් වෂීම්, මොහොමඩ් හමීර්, කයිල් මෙයියස් වැනි විදෙස් ක්‍රීඩකයින් රැසක් ද තරගාවලියට සහභාගී වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026