Skip to content
V
අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කරයි
featured news - උණුසුම් පුවත්

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කරයි

By News Room · 27 April 2025

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා දීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ. මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවත් මැතිවරණ කොමිසම පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026