Skip to content
V
අද උදෑසන සිට වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක
featured news - උණුසුම් පුවත්

අද උදෑසන සිට වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක

By News Room · 17 November 2025

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

2026 මුදල් වර්ෂය‍ට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව සදහන් වේ.

එහිදී රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේඛ කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත් වේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026