Skip to content
V
අතේ සිදු කළ සැත්කමකින් පසු මිය ගිය මැදිරිගිරියේ රෝගියා
featured news - උණුසුම් පුවත්

අතේ සිදු කළ සැත්කමකින් පසු මිය ගිය මැදිරිගිරියේ රෝගියා

By News Room · 18 August 2024

වම් අතේ සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සිය සැමියා වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මියගිය බවට ඔහුගේ බිරිඳ සහ ඥාතීන් චෝදනා කරනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිත පැමිණිලි ද ගොනු කර තිබෙනවා. මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි තිදරු පියෙකු වූ ආර්. ශාංචන රාජපක්ෂ මැදිරිගිරිය ප්‍රදේශයේදී බස් රථයක ගැටී අනතුරට ලක්වුණේ 2023 වසරේ නොවැම්බර් මාසයේදීයී. අනතුරින් ඔහුගේ වම් අතේ තැලීමක් සිදුව ඇති අතර පසුව ඔහුගේ වම් අත එසවීමේ අපහසුතාවයක් ද හටගෙන තිබුණා. ඊට ප්‍රතිකාර ගැනීමට මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු හමුවීමට ගාංචන කටයුතු කර තිබූ අතර එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ ස්නායු බිඳීමක් සිදුව ඇති බැවින් ඊට සැත්කමක් කළ යුතු බවයි.

පෞද්ගලික රෝහලක එම සැත්කම කරන්නේ නම් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වැය වන අතර රජයේ රෝහලකින් එය නොමිලේ කරගත හැකි නමුත් ඊට පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බවත් වෛද්‍යවරයා ඔහුට පවසා තිබුණා.

ඒ අනුව රජයේ රෝහලකින් සැත්කම කරගැනීමේ අරමුණින් පසුගිය ජුලි 21 වැනිදා ශාංචන රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අතර ඊට පසු දින ඔහුව සැත්කමට භාජනය කර ඇත්තේ මහනුවර පෞද්ගලික රෝහලේදී ඔහු මුණගැසුණු වෛද්‍යවරයා විසින්.

කෙසේවෙතත් සැත්කමින් පසු ශාංචනට යළි සිහිය නොලැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගේ විමසා තිබුණා. පසුව ගාංචනගේ මොළය මියයෑම ආරම්භ වී ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ ජීවිතය පිළිබඳව අපේක්ෂා තබාගත නොහැකි බැවින් ශ්වසන උපකරණ ද ඉවත් කළ බවයි.

වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිය සැමියා මියගිය බවට චෝදනා කරමින් ශාංචනගේ බිරිඳ සහ ඥාතීන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිත පැමිණිලි ද ගොනු කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026