Skip to content
V
අතුරුදහන් වූ ජනාධිපති අපේක්ෂකයින්
featured news - උණුසුම් පුවත්

අතුරුදහන් වූ ජනාධිපති අපේක්ෂකයින්

By News Room · 28 August 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

ඉතිරි විසිතුන්දෙනාගෙන් තුන්දෙනෙකු ගැන කිසිදු තොරතුරක් නැතැයිද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් ලබා දී ඇති දුරකථන අංක වලට ඇමතූ විට එම තුන්දෙනාගෙන් දෙන්නෙකු වෙනුවෙන්ම අමතන්නේ වෙන අය බවත් විසි තුන්දෙනාගෙන් පස් දෙනකුට අඩු තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක් හෝ නොමැති බවත් ඔහු සඳහන් කළේය.

සමහර අපේක්ෂකයන් තමා ජනාධිපතිවරණයට තරග කරනවා යැයි යන්නවත් මාධ්‍යයට ප්‍රකාශ කර නැති බව දෙගනායක මහතා කීය මැතිවරණ අපේක්ෂකයන් 38 දෙනාගේ ඡායාරූප තම ආයතන වෙබ් අඩවියේ පළ කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී ප්‍රචාරක කටයුතු කරන පහළොස් දෙනා හැර අනෙක් 23 දෙනාගෙන් ඒවා ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් කතාබහ කිරීමට පවා නොපැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026