Skip to content
V
අත්පත්‍රිකා බෙදාදීමට ගෙයින් ගෙට යා හැක්කේ 5කට පමණයි
featured news - උණුසුම් පුවත්

අත්පත්‍රිකා බෙදාදීමට ගෙයින් ගෙට යා හැක්කේ 5කට පමණයි

By News Room · 8 September 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මහතා පවසයි. අද (08) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිවෙස් වෙත ගොස් අත්පත්‍රිකා බෙදීමේදී පෙළපාලි වශයෙන් ගමන් කිරීමට නීතියෙන් අවසර ලබා දී නැති බවය.

ඒ අනුව පස් දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට පමණක් නිවෙස් වෙත ගොස් අත් පත්‍රිකා බෙදීමට හැකියාව ඇති බව ඔහු පවසයි. මේ අතර අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා වාහනවල ස්ටිකර් ඇලවීම සම්බන්ධවද අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු කරුණු දැක්වීය. ඒ අනුව වාහනවල ස්ටිකර් අලවා ප්‍රදර්ශනය කළ හැක්කේ මැතිවරණයට ඉදිපත්ව සිටින අපේක්ෂකයින්ට පමණක් බව ඔහු පවසයි. අදාළ අපේක්ෂකයාගේ වාහනය හැර අනෙකුත් සියලු වාහනවල ස්ටිකර් හෝ වෙනත් ප්‍රදර්ශන පත්‍ර ඇලවීම නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026