Skip to content
V
අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
featured news - උණුසුම් පුවත්

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

By News Room · 27 October 2024

සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

ලුණුගම්වෙහෙර සිට සූරියවැව බලා ධාවන වූ ලොරි රථයක් සූරියවැව ප්‍රදේශයේ දී පරික්ෂා කිරීම සඳහා නතර කරන ලෙස පොලීසිය විසින් කළ නියෝගය නොතකා ධාවනය කිරීමේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ලොරි රථයේ ටයරයට වෙඩි වැදීමෙන් පසු එය නතර වී තිබේ. එම අවස්ථාවේ ලොරි රථයේ සිටි රියදුරු සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ලොරි රථය තුළ ගවයින් 17 දෙනෙකු ද සිට ඇති බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026