Skip to content
V
''අග්‍රාමාත්‍ය ධුරයට මම තරග කරනවා''
featured news - උණුසුම් පුවත්

''අග්‍රාමාත්‍ය ධුරයට මම තරග කරනවා''

By News Room · 24 September 2024

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

විපක්ෂ නායක ධුරය දරණ සජිත් ප්‍රේමදාස එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා වන යෝජනාවක් අද පැවැති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දී ඒකමතිකව සම්මත වී තිබුණා.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සංධානගත වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026