Skip to content
V
අගමැතිනිය ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

අගමැතිනිය ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

By News Room · 6 November 2024

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අවදානය යොමුකර තිබේ. එමෙන්ම ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතා පිළිබඳ පෙන්වා දී ඇත.

මෙම සාකච්ඡාවට අයි. සී. සී. දූෂණ මර්දන ඒකකයේ  ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ විජේබණ්ඩාර මහතා,  ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඉලේපෙරුම මහත්මිය සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026