Skip to content
V
අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

By News Room · 22 January 2025

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබෙනවා. ඒ අනුව අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම, ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රට තුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව සහ සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම මෙහිදී අවධානයක් යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026