Skip to content
V
අක්මීමන වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

අක්මීමන වෙඩි තැබීමක්

By News Room · 23 June 2025

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සඳහන්ය.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ. අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව පොලීසිය සැකපළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය. ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026