Skip to content
V
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන දැනුම්දීමක්
Main news - රධාන පුවත

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන දැනුම්දීමක්

By News Room · 18 October 2024

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක වූ බව සඳහන් වූ නමුදු අත්‍යවශ්‍යම පළාත වන බස්නාහිර පළාත සඳහා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බව ද එම නිවේදනයේ සඳහන්ය.

මෙම දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත්තේ, බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සඳහා අදාළ අංශවලට උපදෙස් දෙන ලෙසය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025