Skip to content
V
වික්ටෝරියා ජලාශයට පැන්න සිසුවියක් ජීවිතක්ෂයට
Local

වික්ටෝරියා ජලාශයට පැන්න සිසුවියක් ජීවිතක්ෂයට

By News Room · 24 November 2024

වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය. දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් බව වාර්තා වෙයි

මියගිය සිසුවිය, සිය මිතුරියගේ අතින් අල්ලාගෙන ජලාශයට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය. දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

මියගිය සිසුවියගේ ප්‍රේම සම්බන්ධයකට නිවැසියන් අකමැත්ත පළකිරීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම සිදුකර ඇති බවට ඇය විසින් ලියා තිබූ ලිපියකින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025