Skip to content
V
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට
Local

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

By News Room · 26 March 2026

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

සුරේෂ් සලේ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටියි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025
නෙවිල් වන්නිආරච්චිට ඇප

නෙවිල් වන්නිආරච්චිට ඇප

31 October 2025