Skip to content
V
ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්
සයුරෙන් එතෙර

ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

By News Room · 26 August 2024

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට මැදිවූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවත් තවත් 100 කට වැඩි පිරිසක් අදාල ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිවාස හා කාර්යාල රැසක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. මෙම ගින්න අද අලුයම 2:44 ට පමණ හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ. මේ අතර අද දහවල වන විට ගින්න නිවා කටයුතු කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම එරට ගිනි නිවීමේ ඒකකය පවසන්නේ තව දුරටත් ගොඩනැගිල්ලේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් සහ ගිනි නිවන භටයින් 225ක් පමණ යොදවා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය කරගෙන නැති බවයි වාර්තා වන්නේ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024