Skip to content
V
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්
සයුරෙන් එතෙර

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

By News Room · 25 December 2025

ඉන්දියානු දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින ඒකාධිකාරී ස්වභාවය අවම කරමින්, නව ගුවන් සමාගම් තුනකට ඉන්දීය අහසේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා මධ්‍යම රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙසේ අවසර හිමිව ඇත්තේ Al Hind Air, FlyExpress සහ Shankh Air යන ගුවන් සමාගම් වෙතයි.

Al Hind Air සහ FlyExpress යන සමාගම් දෙකට මේ සතියේදී රජයෙන් 'විරුද්ධත්වයක් නොමැති බවට වන සහතිකය' (NOC) හිමිවූ අතර, Shankh Air සමාගම මීට පෙර එම අවසරය ලබාගෙන තිබුණා.

මෙම තීරණය විශේෂ වැදගත්කමක් ගන්නේ දෙසැම්බර් මුල් සතියේ 'ඉන්ඩිගෝ' (IndiGo) ගුවන් සේවයේ ඇතිවූ දැවැන්ත මෙහෙයුම් බිඳවැටීමත් සමගයි. එම අවස්ථාවේදී දේශීය ගුවන් ක්ෂේත්‍රය එක් සමාගමකට පමණක් සීමා වී තිබීම පිළිබඳව රජයට දැඩි විවේචන එල්ල වුණා. ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදු සඳහන් කළේ, ලොව වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා වෙළෙඳපොළක් වන ඉන්දියාව තුළ වැඩි ගුවන් සමාගම් සංඛ්‍යාවක් දිරිමත් කිරීම රජයේ අරමුණ බවයි.

රජයේ UDAN වැනි වැඩසටහන් හරහා කුඩා ගුවන් සමාගම් දිරිමත් කිරීම මගින් ඉන්දියාවේ ප්‍රාදේශීය නගර අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දැනට ඉන්දීය වෙළෙඳපොළෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ 'ඉන්ඩිගෝ' සහ 'එයාර් ඉන්දියා' යන කණ්ඩායම් විසින්.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024
ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්

26 August 2024