Skip to content
V
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට පැය 3ක වර්ජනයක්
Local

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට පැය 3ක වර්ජනයක්

By News Room · 16 March 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳව විමර්ශන කර වාර්තාවක් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. මේ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරතවීමට නියමිතයි.

ඒ, උසස්වීම් ලබා නොදීම සහ වැටුප් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ, එම වාර්තාව මෙම මස 24 වැනිදාට පෙර අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දෙන ලෙසයි.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක කාලයක් සේවාවලින් ඉවත්වීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025