Skip to content
V
රංජන්ට එරෙහිව පෙත්සමක්
Main news - රධාන පුවත

රංජන්ට එරෙහිව පෙත්සමක්

By News Room · 25 October 2024

තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කැලණිය වනවාසල පදිංචි මහින්ද සේනානායක මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් මැතිවරණ කොමිසම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ සම්පත් විජේවර්ධන මහතා විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන්වේ.

පෙත්සමිකරු මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයෙකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නැමති දේශපාලන පක්ෂයෙන් තරඟ වැදීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට සඳහා නාම යෝජනා පත්‍ර භාරදී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාමනායක මහතා වරදකරු කොට 2022 ජනවාරි 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4 සිර දඬුවම් නියම කෙරිණි. පසුව ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව ඔහු නිදහස් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)අ 90 සහ 89( ඇ) යන වගන්තින් අනුව දඬුවම් ලැබූවකුට වසර 7 ප්‍රජා අයිතිය තහනමක් හිමි වේ.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025